Wednesday, July 13, 2016

වැස්සකට ඉඩ ඇතත්

෴ සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට෴
.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලියූ මේ ගීතය, තර්කන බුද්ධිය හා සෞන්දර්යාත්මක සිතුවිලි එක්තැන් කල අගනා නිමැවුමකි. ඉතාම කෙටි කාල පරාසයක්‌ තුළ තර්කානුකූල, සෞන්දර්යාත්මක සරළ ගීතයක්‌ ලිවීමට හැකි අපූරු ප්‍රතිභාවක් එතුමා තුල පැවතුනි.
.---------------------------------------------------
වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...
.
පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල..
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...
.
සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...
ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන....
.
--------------------------------------
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.
සංගීතය - සේන වීරසේකර

Tuesday, January 26, 2016

භාවනා ලිපි මාලාව


Sunday, January 10, 2016

රසායන ද්‍රව්‍ය නොගැසූ ඇපල් - දොඩම් - අඹ - කෙසෙල් වෙළෙඳ පොළෙන් සොයාගන්නේ කොහොමද?

රසායන ද්‍රව්‍ය නොගැසූ ඇපල් - දොඩම් - අඹ - කෙසෙල් වෙළෙඳ පොළෙන් සොයාගන්නේ කොහොමද?

ඉල්ලුම හා සැපයුම අතර ඇති විෂමතාව නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළඳුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉදවීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය.

මෙවැනි පලතුරු බොහෝමයක් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව ආහාරයට එක්කර ගන්නේ ලෙඩ රැසක් දායාද කර ගනිමිනි.

විෂ රසායන යෙදූ පළතුරු අතර ඇපල්, දොඩම්, අඹ මෙන්ම කෙසෙල් ද බහුලව දැකිය හැකිය. මේවාට යොදන විෂ රසායන පිළිබඳවත් එහි ඇති අහිතකර තත්ත්ව පිළිබඳවත් ධූලකවේදය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා දැක්වූ අදහස් මෙසේයි.

පලතුරු වර්ග ඉදවීම ඉක්මන් කිරීම සඳහා එතිෆෝන් (Ethephon) ප්‍රයෝජනයට ගැනීම දැන් බහුලව සිදුවන අතර එතිෆෝන් වැරදි භාවිතය සෞඛ්‍යයට හානි කරයි.

චීනය විසින් පළමු වරට මෙම රසායනිකය ශාක වර්ධනයටත් පලතුරු ඉදවීම සඳහාත් භාවිතා කළා. වර්තමානයේ බොහෝ රටවල් වෙළඳාම පිණිස පලතුරු ඉදවීමට එතිෆෝන් භාවිතා කරනවා.

ජලයෙහි වහා දියවන සුදු එතිෆෝන් අවර්ණා ඝණ රසායනික ද්‍රව්‍යයක් වන අතර එය ජලයෙහි දියවූ පසු එතිලීන් (Ethyline) නැමැති ක්‍රියාකාරී සංයෝගය නිපදවනවා. මෙහි විෂ සහිත බව අවම වන අතර එතිෆෝන් වැරදි ආකාරයෙන් භාවිතා කොට පලතුරු ඉදවීමට යොදා ගැනීම නිසා එහි විෂ සහිත බව ඉතා වැඩි වෙනවා.

මෙම රසායනිකය සමඟ නිදහස් වන වායුව ආශ්වාස කිරීමෙන් හෝ සමෙහි ස්පර්ශ වීමෙන්, රසායනිකය අඩංගු පලතුරු, ආහාර, ශාක අනුභවයෙන් රසායනිකය ශරීරයට ඇතුල්වීම සිදු විය හැකිය.

පලතුරු සතුන්ගෙන් බේරා ගැනීමටත් , කල්තබා ගැනීමටත්, ඉක්මනින ඉදවා ගැනීමටත් සමහර කූට වෙළඳුන් රසායනික වර්ග වැරදි ආකාරයෙන් යොදා ගැනීම බරපතළ වරදක් ලෙස සැලකිය හැකියි.

▬▬▬▬ එතිෆෝන් යෙදූ පලතුරු වෙළඳපොලේදී හඳුනාගත හැකි ලක්ෂණ ▬▬▬▬

* ස්වභාවිකව ඉදුණු පලතුරක ඇති සුමට, කැලැල් සහිත බව මෙන්ම සමහර අවස්ථාවල කෘමීන් හෝ වෙනත් කුඩා සතුන් ආක්‍රමණය කළ ලක්ෂණ නොතිබීම.

* මතුපිට ඒකාකාරීව ඉදුණු, මතුපිට වල නොගැසුණු, රැලි නොගැසුණු, දිලිසෙන සුලු පිට පොත්තක් තිබීම.

* පිට පොත්ත තද කහ පැහැවීම සහ කපා බැලූවිට ඇතුළත ඉදී නොමැති අමු කොළ පැහැයකින් යුක්ත වීම හෝ පොත්ත ආශි‍්‍රත ඇතුළත ප්‍රදේශය පමණක් කහ පැහැ ගැන්වී තිබීම.

* පලතුරුවල කහ පැහැති මතුපිට මත කොළ පුල්ලි තිබීම.

* සාමාන්‍ය පලතුරක් තුළ ඇති පලතුරු යුෂ (Juicy)නොමැති වීම.

* පලතුරුවලින් කෘත්‍රිම සුවඳක් සහ රසයක් දැනීම.

මෙවැනි පලතුරු අනුභවය නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන

සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.

▬▬▬▬ අවදානම් තත්ත්ව වළක්වා ගැනීම සඳහා ▬▬▬▬

* විෂ රසායන ද්‍රව්‍ය යෙදූ ආහාර, පලතුරු පිළිබඳව දැනුවත් වීම.

* පලතුරු ගෙවත්තේම වගාකර ගැනීම.

* පලතුරු මිලදී ගැනීමේදී කුඩා පරිමාණ ගෙවතුවලින් විශ්වාසදායක ස්ථානවලින් පමණක් මිලදී ගැනීම.

* විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ පලතුරු නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංකූලතා ද දැකිය හැකිය. එවැනි පලතුරු ආහාරයට ගැනීම සෞඛ්‍ය ගැටලු රැසකට මඟ පාදා ගැනීමක් වෙනවා.

▬▬▬▬ දිගුකාලීන සංකූලතා ▬▬▬▬

* මතකය හීනවීම loss of Memory

* අපස්මාරය Fits

* මුඛයේ තුවාල Oral Vlcers

* සමෙහි තුවාල Skin rashes

* වකුගඩු ආබාධ

* පිළිකා අවදානම (බඩවැල ආශ්‍රිත )

මෙවැනි අවදානම් තත්ත්ව නිසා වෙළඳපොලේ පවතින පලතුරු වර්ග මිලදීගැනීමේදී වැඩි අවදානමකින් සිටිය යුතුය.

▬▬▬▬ කෙටි කාලීන සෞඛ්‍ය ගැටලු ▬▬▬▬

* හිසරදය නින්ද නොයෑම

***

ජාතික ධූලවේදය සහ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී, කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
වරුණ ගුණතිලක



ජංගම දුරකතනයෙන් මොළයට නරක පණිවිඩයක්

වර්තමාන සමාජයේ ජංගම දුරකතනයක් නැති පුද්ගලයෙක් නොමැති තරම්.එමෙන්ම ජංගම දුරකතන භාවිතය මෙවන විට කලාවක් බවට ද පත්ව තිබේ.

නමුත් ඔබ භාවිත කරන ජංගම දුරකතනය මගින් විහිදුවන විද්‍යුත්චුම්බක විකිරණ ඔබේ මොළයේ පිළිකා ඇති කිරීමට තරම් ප‍්‍රබල බව ඔබ දන්නවාද?

විකිරණශීලීත්වය අතින් ඉතාම වැඩි ජංගම දුරකථන වෙළදපොළේ ඕනෑතරම් මිලදී ගන්නට ඇතත් ඒවා මොනවාදැයි වෙන් කරගැනීමේ හැකියාවක් හැමදෙනාටම නොතිබෙන්නට පුළුවන්.

විශේෂාංග,ස්වරූපය,වේගවත් අන්තර්ජාල පහසුකම් ආදිය පිළිබද සැලකිලිමත් වන ඔබට මේ පිළිබද මගහැරෙන එක පුදුමයක් නොවෙයි.

නමුත් ජංගම දුරකථන වල පවතින විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය මොළයේ පිළිකා ඇතිකිරීමේ අවදානමක් පවතින බවට ජාත්‍යන්තර පිළිකා සමීක්ෂණ ඒජන්සිය මගින් අනතුරු අගවා තිබෙනවා.

එමෙන්ම මේ පිළිබද ඉලෙක්ට්‍රෝනික උපාංග පිළිබද විවිධ සමීක්ෂණ ආයතන මගින් ද අවස්ථා ගණනාවකදී හෙළි කරන ලද වාර්තා පෙන්වා දෙන්නේ එමගින් හිසට,මොළයට දැඩි බලපෑමක් ඇතිකරන බවයි.

මොළයේ ක‍්‍රියාකාරීත්වය අකර්මණ්‍ය කිරීමට තරම් මෙම විකිරණ ප‍්‍රබල බවට අනාවරණය වී තිබෙනවා.

එබැවින් සිරුරට හානි කරන මෙම විකිරණශීලී බවින් වැඩි ජංගම දුරකථන හැකි තරම් භාවිතයෙන් ඉවත් කිරීමට ඔබ කටයුතු කළ යුතුයි.

ලොව පුරා විසිරී සිටින බිලියන 2කට අධික ජංගම දුරකථන භාවිත කරන්නන් මෙම අවදානමට මුහුණ දී සිටින බව පවසන විද්‍යාඥ ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා ඇත්තේ ලොව පුරා ජංගම දුරකථන භාවිත කරන්නන් ලක්ෂ 5කගේ පමණ මොළයේ ආබාධ,දුර්වලතා පිළිබද වාර්ෂිකව තොරතුරු වාර්තා වන බවයි.

එමෙන්ම වර්ෂයකට විද්‍යුත්චුම්බක විකිරණශීලීත්වය නිසා මොළයේ පිළිකා තත්ත්වයන් හටගත් අවස්ථා ගණනාවක් ද වාර්තා වන බව ඔහු පෙන්වා දී තිබේ.

කෙසේවෙතත් මෙවැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීමට ඔබ ඇති දුරකතනය විසිකර දැමීම කළ නොහැකි නිසා මෙවැනි අවදානමකින් වැළකීමට හැකිතරම් ආරක්ෂා වීම සදහා ඔබට ගතහැකි සරල පියවර කිහිපයක් ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසා තිබේ.

ජංගම දුරකතනය භාවිත කිරීමේදී සෑමවිටම headset භාවිත කරන්න.මෙය ඔබේ ජංගම දුරකතනය විහිදුවන විකිරණ මගින් ඔබේ මොළය ප‍්‍රවේශම් කරගැනීමේ සුදුසුම ක‍්‍රමවේදයයි.

මේ නිසා විකිරණ කිසිසේත්ම ඔබගේ මොළය හරහා ගමන් නොකරන නිසා විකිරණ නිසා ඇතිවන හිසරදය වැනි මූලික රෝග වැළදීමක් සිදු නොවන බවයි.

ආචාර්ය ජෝර්ජ් කාර්ලෝ පවසන්නේ.පොදු ස්ථානයකදී හැර ඔබේ නිවසේ හෝ නිදහස් තැනක සිටී නම් Speaker භාවිත කිරීමේ හැකියාවක්ද පවතී.

කෙටි කාලයක් දුරකතන ඇමතුම් සදහා වෙන් කරන්න.දීර්ඝ ඇමතුම් මගින් විනාඩි කිහිපයක් ගතවීමෙන් පසුව විද්‍යුත්චුම්බක විකිරණ විහිදුවීම ප‍්‍රබල වීමට පටන් ගන්නා බැවින් හැකිතරම් ඇමතුම් සදහා වෙන් කරන කාලය කෙටි කිරීම වැදගත්.

ඔබට හැකි සෑම අවස්ථාවකම කෙටි පණිවුඩ භාවිතා කරන්න.මෙමගින් ඇමතුම් සදහා ඔබ වෙන්කරන කාලය අඩුවනවා සේම එමගින් ඔබගේ මොළය තුළ විකිරණ ගමන් කිරීමේ ප‍්‍රවණතාව අඩුවේ.

නමුත් ඔබ කෙටි පණිවුඩ යැවිය යුත්තේ ඔබට ඒ සදහා පූර්ණ අවධානය යොමු කළ හැකි නම් පමණි.නැතහොත් ඔබ ගමන් කරන,රිය පදවන අතරතුර කෙටි පණිවුඩ යැවීම කිසිසේත් නොකළ යුතුයි.

ඔබ ඇමතුම් ගන්නා අවස්ථාවල ඔබේ සිරුරට ස්පර්ශ වන ආකරයෙන් ජංගම දුරකතනය තැබීමෙන් වළකින්න.

ඔබ headset භාවිත කරනවා නම් ජංගම දුරකතනය මේසයක් හෝ වෙනත් තැනක තැබිය හැකියි.අඩු තරමින් ඔබේ සාක්කුවේ හෝ ජංගම දුරකතනය තැබීමෙන් වැළකිය යුතුයි.

මන්ද මුළු සිරුරටම මෙම විකිරණ අහිතකර බැවිනි.සිරුරට ස්පර්ශ වන පරිදි ජංගම දුරකතනය තැබීමෙන් විකිරණ මගින් සිදුවන හානියට අමතරව ඔබේ සිරුර තුළ ක‍්‍රියාකාරීත්වයට විවිධ අයුරින් අහිතකර බලපෑම් එල්ල කරයි.

ලෝහ වලින් තැනූ ආවරණයක් තුළ ජංගම දුරකතන තැබීමෙන් වළකින්න.ඇතැම් පුද්ගලයන් මතුපිට විවිධ විසිතුරු ලෝහවර්ග වලින් තැනූ ආවරණ තුළ ජංගම දුරකතන රදවා ගනිමින් ඇමතුම් ලබාගන්නා නමුත් එය ඉතාම අහිතකරයි.

හැමවිටම ප්ලාස්ටික්,සමින් කරල ලද හෝ රබර් ආවරණ මේ සදහා සුදුසු වේ.

එමෙන්ම ලෝහ මතුපිටක් මත ජංගම දුරකතන තබාගෙන headset භාවිත කිරීමත් නොකළ යුතුයි.මන්ද ඔබ headset භාවිත කිරීමෙන් විකිරණවලින් ආරක්ෂා වුවත් ලෝහ මතුපිටක් මත තැබීමෙන් විද්‍යුතය ගමන් කිරීමේ හැකියාවක් පවතින නිසා එය සෑම අතින්ම අනාරක්ෂිතයි.

ඇමතුමක් ලැබෙන සැණින් ජංගම දුරකතනයට පිළිතුරු දක්වන්න නොසුදුසු වේ.ඇමතුමක් ලැබෙන විට තත්ත්පර කිහිපයක් නාදවන්නට ඉඩ හැර පිළිතුරු දෙන්න.මන්ද මුල් තත්ත්පර කිහිපය විකිරිණශීලීත්වය වැඩි බව පැවසෙයි.

සංඥා දුර්වල අවස්ථාවලදී සහ ආරෝපණය අවම මට්ටමක ඇති විටෙක ඇමතුම් ගැනීමෙන් වළකින්න.

එවැනි අවස්ථාවල ජංගම දුරකථනය මගින් විහිදුවන විද්‍යුත් චුම්බක විකිරණශීලීත්වය ඉතා ඉහළ අගයක් ගැනීම මීට හේතුවයි.
 

හිරු නොපායන ගම්මානය

නොවැම්බර් මාසයයි. ඉතාලියේ ටියුරින් සිට කිලෝමීටර් 120ක් ඊසාන දෙසට වන්නට පිහිටා ඇති විගැනිල් කඳුවැටිය, බලා සිටින්නේ නැග එන හිරු පිළිගන්නටයි. විගැනිල් කඳුවැටිය මෙන්ම පාමුල පිහිටි විගැනෙල්ලා ගම්මානයද හිරු පැමිණෙන තුරු ඇඟිලි ගනිමින් සිටියි. විගැනෙල්ලා ගම්මානය යනු 200ක් පමණ වන ජර්මානු බෞද්ධයන්ගෙන් සමන්විත දිළිඳු ගම්මානයකි.
http://img88.imageshack.us/img88/7861/55498459.jpg
නොවැම්බර් මාසයේ ඔවුන් කෙතරම් බලාසිටියද හිරු පායන්නේ නැත. සෑම වසරකම නොවැම්බර් 11 වන දින සිට පෙබරවාරි 2 වැනි දින දක්වා විගැනෙල්ලාව අඳුරේ ගිලී පවතී. නිශ්චිත වශයෙන්ම කිවහොත් එය දින 83කි. මේ නිසාම මෙම දිළිඳු ගම්මානයේ ජීවත්වන වැසියන්, මෙම දින 83 කාලය ගත කිරීම සඳහා වෙනත් ගම්බිම් හෝ නගර සොයා යති. එසේ සංක්රමණය කරන පිරිසෙන්, පෙබරවාරියේ හිරුත් සමගම ආපසු පැමිණෙන්නේ සියයට 45 පමණ පිරිසකි. ඉතිරි සියයට 55 ක් වන පිරිස විවිධ හේතු මත නැවත කවරදාක හෝ විගැනෙල්ලාවට නොපැමිණේ. සංක්රමණ කාලයේදී වසංගත ආදී දරුණු රෝගවලට හසුවී මියයාම ඉන් ප්රබලම හේතුවයි. එසේත් නැතිනම් වෙනත් නගරවල වාසස්ථාන සොයාගෙන පදිංචිවීමද, විගැනෙල්ලාව හැරයාමට හේතු වී තිබේ. මේ ආකාරයට පසුගිය වසර 15 කාලය තුළ විගැනෙල්ලාව හැරගිය වැසියන් ප්රමාණය 70ක් පමණ වේ. මේ ආකාරයට දිනෙන් දිනම ජනශූන් වෙමින් පවතින ගම්මානය ඉදිරි වසර 8 තුළ සම්පූර්ණයෙන්ම නිෂ්ක්රීය ගමක් බවට පත්වන බවද සංගණනවලින් හෙළි වී තිබේ.
http://img716.imageshack.us/img716/5377/73182309.jpg
විගැනෙල්ලාවට හිරු නොපායන්නේ විගැනිල් කඳුවැටිය නිසාය. විගැනිල් කඳුකරයට ඉහළින් මුදුන්වන හිරු මධ්යහ්න 12 වන විට කඳුකරයේ දකුණු දිග බෑවුමට ආවරණය වී පවතී. 12 පසුවන විට නැවතත් බැස යන්නට පටන් ගන්නේ කඳුපාමුල පිහිටි ගම්මානය අන්ධකාරයේ ගිල්වමිනි. මෙම සංසිද්ධිය සිදුවන්නේ ඉහත කී දින 83 තුළ පමණි. පෙබරවාරි මස 3 වනදා සිට නැවතත් සුපුරුදු පරිදි විගැනෙල්ලාවට හිරු මුදුන් වේ.
මෙම සංසිද්ධිය හේතුවෙන් සෑම ශීත සෘතුවක්ම මෙම ගම්මානය අධික ශීතලෙන් සහ අන්ධකාරයෙන් පීඩා විඳියි. මේ පිළිබඳව කරුණු සොයා බැලූ විගැනෙල්ලා ග්රාමයේ නගරාධිපති වූ පිෆ්රන්කෝ මිඩාලි, ග්රාමීය සංවර්ධනය පිළිබඳ ප්රශ්නය වෙත රාජ් අවධානය යොමු කරවීය. නමුත් මෙය ස්වභාවික සංසිද්ධියක් වූයෙන්, මිනිසා එයට කෙසේ හෝ මුහුණ දිය යුතුය යන සංකල්පයේ සිට බලධාරීන් සඳහා කිසිදු පියවරක් ගත්තේ නැත.
http://img339.imageshack.us/img339/1152/99041779.jpg
ඉන් පසුබට නොවූ නගරාධිපතිවරයා අඩු වියදමකින් ගම්මානය ආලෝකවත් කළ හැකි ආකාරය පිළිබඳව නව යෝජනාවක් ගෙන එනු ලැබිය. අනුව විශාල ප්රමාණයේ මුහුණ බලන කණ්ණාඩියක් (දර්පණයක්) සපයාගත් ඔවුන්, එය විගැනිල් කඳු මුදුන මත ස්ථාපනය කළහ. එවිට හිරුගේ කිරණ කණ්ණාඩියට ලැබි ඒවා විගැනෙල්ලාවට පරාවර්නය වන්නට විය. ඉන්පසු අඳුරේ ගිලී තිබූ ගම්මානය ආලෝකවත් විය. මේ ආකාරයට නොවැම්බර් සිට පෙබරවාරි දක්වා වූ දින 83 කාලයම දිවා කාලය ආලෝකවත්