෴ සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට෴
.
ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලියූ මේ ගීතය, තර්කන බුද්ධිය හා සෞන්දර්යාත්මක සිතුවිලි එක්තැන් කල අගනා නිමැවුමකි. ඉතාම කෙටි කාල පරාසයක් තුළ තර්කානුකූල, සෞන්දර්යාත්මක සරළ ගීතයක් ලිවීමට හැකි අපූරු ප්‍රතිභාවක් එතුමා තුල පැවතුනි.
.---------------------------------------------------
වැස්සකට ඉඩ ඇතත් අහස් කුස දස අතම
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය...
සිනාසී සිනාසී දෙතොල් ඉරි තැළෙද්දී
අඬන්නට මිසක වෙන කුමකටද නෙතු අපට...
.
පුංචි කුහුඹුවන්ටත් තියේ උන් හෙවනැල්ල..
බිඳී ගියමුත් බඳුන් අතින් දිය බොනු හැකිය...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන...
.
සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට...
ගළන ගඟ නැවැත්වූ තැනින් ගම යට නොවෙද...
ඔබට මා මටද ඔබ හමුවුනෝතින්,
සිනාසෙමු අතීතෙට යම් දිනෙක අප දෙදෙන....
.
--------------------------------------
ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්.
සංගීතය - සේන වීරසේකර

No comments:
Post a Comment