ඉල්ලුම හා සැපයුම අතර ඇති විෂමතාව නිසාම අප ගන්නා ආහාර බොහෝමයකට, ශරීරයට අහිතකර විෂ ඇතුල් කිරීමට කූට වෙළඳුන් කටයුතු කර ඇති බව පෙනෙන්නට ඇති කරුණකි. මේ අතරින් පලතුරු සඳහා වැඩි වශයෙන් විෂ රසායනයන් ඇතුළත් කරනුයේ පලතුරු කල්තබා ගැනීමටත් ඉක්මනින් ඉදවීමටත් කෘමි හානි වළක්වා ගැනීමටත්ය.
මෙවැනි පලතුරු බොහෝමයක් අප නොදැනුවත්ව හෝ දැනුවත්ව ආහාරයට එක්කර ගන්නේ ලෙඩ රැසක් දායාද කර ගනිමිනි.
විෂ රසායන යෙදූ පළතුරු අතර ඇපල්, දොඩම්, අඹ මෙන්ම කෙසෙල් ද බහුලව දැකිය හැකිය. මේවාට යොදන විෂ රසායන පිළිබඳවත් එහි ඇති අහිතකර තත්ත්ව පිළිබඳවත් ධූලකවේදය හා ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා දැක්වූ අදහස් මෙසේයි.
පලතුරු වර්ග ඉදවීම ඉක්මන් කිරීම සඳහා එතිෆෝන් (Ethephon) ප්‍රයෝජනයට ගැනීම දැන් බහුලව සිදුවන අතර එතිෆෝන් වැරදි භාවිතය සෞඛ්‍යයට හානි කරයි.
චීනය විසින් පළමු වරට මෙම රසායනිකය ශාක වර්ධනයටත් පලතුරු ඉදවීම සඳහාත් භාවිතා කළා. වර්තමානයේ බොහෝ රටවල් වෙළඳාම පිණිස පලතුරු ඉදවීමට එතිෆෝන් භාවිතා කරනවා.
ජලයෙහි වහා දියවන සුදු එතිෆෝන් අවර්ණා ඝණ රසායනික ද්‍රව්‍යයක් වන අතර එය ජලයෙහි දියවූ පසු එතිලීන් (Ethyline) නැමැති ක්‍රියාකාරී සංයෝගය නිපදවනවා. මෙහි විෂ සහිත බව අවම වන අතර එතිෆෝන් වැරදි ආකාරයෙන් භාවිතා කොට පලතුරු ඉදවීමට යොදා ගැනීම නිසා එහි විෂ සහිත බව ඉතා වැඩි වෙනවා.
මෙම රසායනිකය සමඟ නිදහස් වන වායුව ආශ්වාස කිරීමෙන් හෝ සමෙහි ස්පර්ශ වීමෙන්, රසායනිකය අඩංගු පලතුරු, ආහාර, ශාක අනුභවයෙන් රසායනිකය ශරීරයට ඇතුල්වීම සිදු විය හැකිය.
පලතුරු සතුන්ගෙන් බේරා ගැනීමටත් , කල්තබා ගැනීමටත්, ඉක්මනින ඉදවා ගැනීමටත් සමහර කූට වෙළඳුන් රසායනික වර්ග වැරදි ආකාරයෙන් යොදා ගැනීම බරපතළ වරදක් ලෙස සැලකිය හැකියි.
▬▬▬▬ එතිෆෝන් යෙදූ පලතුරු වෙළඳපොලේදී හඳුනාගත හැකි ලක්ෂණ ▬▬▬▬
* ස්වභාවිකව ඉදුණු පලතුරක ඇති සුමට, කැලැල් සහිත බව මෙන්ම සමහර අවස්ථාවල කෘමීන් හෝ වෙනත් කුඩා සතුන් ආක්‍රමණය කළ ලක්ෂණ නොතිබීම.
* මතුපිට ඒකාකාරීව ඉදුණු, මතුපිට වල නොගැසුණු, රැලි නොගැසුණු, දිලිසෙන සුලු පිට පොත්තක් තිබීම.
* පිට පොත්ත තද කහ පැහැවීම සහ කපා බැලූවිට ඇතුළත ඉදී නොමැති අමු කොළ පැහැයකින් යුක්ත වීම හෝ පොත්ත ආශි‍්‍රත ඇතුළත ප්‍රදේශය පමණක් කහ පැහැ ගැන්වී තිබීම.
* පලතුරුවල කහ පැහැති මතුපිට මත කොළ පුල්ලි තිබීම.
* සාමාන්‍ය පලතුරක් තුළ ඇති පලතුරු යුෂ (Juicy)නොමැති වීම.
* පලතුරුවලින් කෘත්‍රිම සුවඳක් සහ රසයක් දැනීම.
මෙවැනි පලතුරු අනුභවය නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන
සෞඛ්‍ය ගැටලු ඇතිවිය හැකියි.
▬▬▬▬ අවදානම් තත්ත්ව වළක්වා ගැනීම සඳහා ▬▬▬▬
* විෂ රසායන ද්‍රව්‍ය යෙදූ ආහාර, පලතුරු පිළිබඳව දැනුවත් වීම.
* පලතුරු ගෙවත්තේම වගාකර ගැනීම.
* පලතුරු මිලදී ගැනීමේදී කුඩා පරිමාණ ගෙවතුවලින් විශ්වාසදායක ස්ථානවලින් පමණක් මිලදී ගැනීම.
* විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ පලතුරු නිසා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන සංකූලතා ද දැකිය හැකිය. එවැනි පලතුරු ආහාරයට ගැනීම සෞඛ්‍ය ගැටලු රැසකට මඟ පාදා ගැනීමක් වෙනවා.
▬▬▬▬ දිගුකාලීන සංකූලතා ▬▬▬▬
* මතකය හීනවීම loss of Memory
* අපස්මාරය Fits
* මුඛයේ තුවාල Oral Vlcers
* සමෙහි තුවාල Skin rashes
* වකුගඩු ආබාධ
* පිළිකා අවදානම (බඩවැල ආශ්රිත )
මෙවැනි අවදානම් තත්ත්ව නිසා වෙළඳපොලේ පවතින පලතුරු වර්ග මිලදීගැනීමේදී වැඩි අවදානමකින් සිටිය යුතුය.
▬▬▬▬ කෙටි කාලීන සෞඛ්‍ය ගැටලු ▬▬▬▬
* හිසරදය නින්ද නොයෑම
***
ජාතික ධූලවේදය සහ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධානී, කායික රෝග හා දියවැඩියාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය,
වරුණ ගුණතිලක
Top 10 slot machines by Paypal USA | Slot machines & paypal slots
ReplyDeletePaypal Slots are the largest and fastest growing payment 용인 출장샵 method for casino 서울특별 출장마사지 paypal slots 안동 출장샵 players worldwide. 남원 출장마사지 The software is designed for 양산 출장샵 gambling