දස සංයෝජන ධර්ම
කෙනෙක් පහත කරුණු 10 ය දුරු කරොත් එම තැනැත්තා රහතන් වහන්සේ නමකි. මුල්
කරුණු පහ ට ඹ්රම්භාගිය සංයෝජන ධර්ම ලෙස හදුන්වනු ලබයි. ඉතිරි කරුණු 5 හ
උද්ධම්භාගිය සංයෝජනධර්ම ලෙස හදුන්වනු ලබයි.
මුල් කරුණු 3 දුරු කරත් ඔහු සෝතාපන්න ශාවකයෙකි. එනම් උපරිඅම අතම බව 7 ට සිමා වෙයි. සතර අපායෙන් ඇත මිදුණු කෙනෙකි.
පටිඝ කාම රාග තුනී කරගනිපු කෙනා සක්ධගාමී ශාවකයෙකි එක වරක්
පමණක් කාම ලෝකයේ ඉපදෙයි .
මුල් කරුණු පහ දුරු කරොත් ඔහු මේ කාම ලෝකයේ
ඉපදෙන්නේ නැත. කෙටියෙන් කිවොත් දිව්‍ය ලෝකයේ හෝ මිනිස් ලොව තුල හෝ ඉපදෙන්නේ
නැත. එනම් අනාගාමී ශාවකයෙකි. එනම් මෙම කමලෝකයෙන් අතමිදී බබා ලොවේදී
පිරිනිවන් පැම සිදුවෙයි.
උද්ධම්භාගිය සංයෝජනධර්ම 5 ත් දුරු කරොත් ඒ රහතන් වහන්සේ නමකි
1) සක්කාය දිඨිය - මම මගේය මගේ ආත්මය කියා ස්ථිර දෙයක් නැති බව දැන ගැනීම
2) විචිකිච්ජා - තෙරුවන් ගැන, පෙර භව සහ පසු භව ගැන සැක දුරුවිම
3) සීලබ්බත පරාමාස - දැඩි සිල් ව්‍රත වලින් නිවණ් නොලැබිය හැකි බව දැනගැනීම ( උදා: දුෂ්කර ක්‍රියා කිරෙනෙම් නිවන සේයා ගත හැකි බව, නිර්වස්ත්‍රව සිල් රැකීමෙන් නිවන ලබා ගහට හැකියි සිතීම )
4) පටිඝ - තරහ වයිරය ක්රෝදය දුරුවීම
5) කාම රාග - කැමති දේ ලබන ලෝකයන්හි ඉපදීමට ඇති ආශාව දුරු වීම (එනම් මිනිස් සහ දිව්‍ය ලොකයන්හි ඉපදීමට ඇති ආශාව දුරු වීම
6) රූප රාග - රූපයක් සහිත බ්‍රහ්මලෝකයන්හි යාමට ඇති ආශාව දුරු වීම
7) අරූප රාග -රූපයක් රහිත බ්‍රහ්මලෝකයන්හි යාමට ඇති ආශාව දුරු වීම
8)මාන - ත්‍රිවිද මාන, එනම් තමන් අන්‍යයන්ට වඩා උසස්ය, පහත්ය, නැතිනම් අන්‍යයෙකු හා සමය යන මතය දුරු වීම
9) දිට්ඨි - සියලු අකාරයේ දෘශ්ටීන්ගෙන් මිදීම් ( මේ ලෝකය කව්රුන් හෝ විසින් මවන ලද්දේ යයි දුස්ටිය. පෙර බවයන් මතු බවයන් නැති දියණ දුස්ටිය. කතරගම දෙවිදුන් වැනි අයගෙන් පිහිට ඉල්ලමින් සෙතක් වේවි කියා සිතන දුස්ටිය. කේන්දර වගේ දේවල් පසු පස යාම වැනි දුස්ටි )
10) අවිදය්යා - කෙටියෙන් කියතොත් මෝහය දුරු වීම, එනම් මේ ලෝකය දුකය , ඉපදිම දුකය , ලෙඩවීම දුකය , මහලු වීම දුකක්ය, මරණය දුකය බව වැටහීම , මෙ සියලු දුකින් මිදිය හැකි තැනක් ලොකයේ හෝ විශ්වයේ නැති බව.
නමෝ බුද්ධාය
ඔබගේ මෙම දහම් කරුණ මට ඉතා වැදගත් වුණා ගොඩක් ස්තූතියි නමෝ බුද්ධාය!
ReplyDelete